ඒකල කොටුගොඩ ප්රදේශයේ (31 දා) උදෑසන සිදු වු රිය අනතුරකින් වැගන් ආර් රථයක ගමන් ගත් තිදෙනකු එම ස්ථානයේ දීම මරුමුවට පත්ව තිබු බව ජා-ඇල පොලීසිය පවසයි.
ඒකල කොටුගොඩ ගුවන් හමුදා කදවුර අසලදී උදැසන6.00 ට පමණ මෙම අනතුර සිදුව තිබේ. අධික වේගයෙන් පැමිණ ඇති වැගන් ආර් රථය එහි රියදුරුට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් අසළ බස් රථ නැවතුම්පොළක ගැටී පෙරලී යාමෙන් ඒ තුළ ගමන් කරමින් සිටි තිදෙනාම මරුමුවට පත්ව ඇත.
මෙම අනතුරින් මරුමුවට පත්ව ඇත්තේ රද්දොළුගම කොටුගොඩ අංක 673/ඒ/4 සුබෝධාරාම පංසල පාර පදිංචි සුමින්ද ක්රිෂාන් තිලකරත්න (49), අංක 432 පුල්ලුහේන පමුණුගම පදිංචි කේ. ඩී. ක්රිෂාන් මහින්ද (48) හා අංක 07/37 රද්දොළුගම පදිංචි ටිරෝන් එරල් (63) නැමති පුද්ගලයන් තිදෙනෙකි.
මියගිය පුද්ගලයින් තිදෙනාගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු ජා-ඇල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ධර්මසිරි සෙනෙවිරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් සිදු කරනු ලබයි.
ජා-ඇල ප්රසංග පෙරේරා