ඉදිරි ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාගේ ජයග්‍රහණය නියත බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.
පොදුජන පෙරමුණේ අපේක්ෂකයා තේරීම සිදුකරනුයේ රාජපක්ෂ පවුල විසින් බවත්, රාජපක්ෂ සමාගම හැර පොදුජන පෙරමුණට ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ හැකි වෙනත් අපේක්ෂකයෙක් නොමැති බවත් අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කළා.
එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා තෝරන්නට කෘත්‍යාධිකාරී මණ්ඩලයක් පවතින බවත්, කෘත්‍යාධිකාරී මණ්ඩල සාකච්ඡාවකින් පසු සියලු දෙනාගේ කැමැත්ත පදනම් කරගනිමින් ප්රජාතන්ත්රවාදී ලෙස එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා තෝරාගැනෙන බවත්, එක්සත් ජාතික පක්ෂයට නායකයන් පිළිබද ප්‍රශ්නයක් නොමැති බවත් මහලේකම්වරයා තවදුරටත් කරුණු දක්වමින් කියා සිටියා.
එසේම එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා පරාජය කිරිමට වෙනත් අපේක්ෂකයෙකුට නොහැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.