එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා හෙට (26දා) නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේය.
ඡන්දයකින් තොරව අපේක්ෂකයා නම්කිරීමට කටයුතු කළත් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ හා කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් එය අනුමත කළ යුතු බවද හෙතෙම පවසා සිටියේය.
හෙට (26දා) කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙන බවත්, මීට අමතරව විශේෂ සාකච්ඡා කිහිපයක් අද (25දා) සවස පැවැත්වෙන බවත් ඒ මහතා සඳහන් කළේය.
ඊයේ (24 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂය ජනතාව ඉල්ලන, ජනතාව අතර වැඩිම ජනප්‍රිය පුද්ගලයෙකු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කරන බවයි.