එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළව මෙරටට ලැබෙන වන්දියෙන් 70%කට නොඅඩු මුදලක් එම සිද්ධියෙන් හානියට පත් සාගරය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් සඳහා යොදවන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.
ඒ අනුව අද (03) ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ එම මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීම ඔක්තෝම්බර් මස 25 වනදා කැඳවන ලෙසය.
මෙම පෙත්සම කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සමට අදාළ සංශෝධන කිහිපයක් සිදු කිරීමට නියමිත බව දන්වා සිටියේය.
මෙම නෞකාවේ හිමිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ පෙනී සිටින බව සඳහන් කළ අතර ඊට පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන් විරෝධය පළකර සිටියේය.
ඉන් අනතුරුව පෙත්සම සලකාබැලීම ඔක්තෝබර් මස 25 වනදා දක්වා කල් තැබුණි.