දීර්ඝ කාලයක සිට හෙද සේවාවට බලපානු ලබන සේවා ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් කළු පටි පැළඳ (25) දින විරෝධතාවක නිරත වන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසයි.
එම සංගමයේ සභාපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සඳහන් කළේ සිය ගැටලු සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමඟ සාකච්ඡා කළ ද ඉන් කිසිදු ප්‍රතිඵලයක් නොලැබුණු බවයි.