බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලය යටතේ පාලනය වන බගවන්තලාව චැපල්ටන් වතු යායේ එකම පවුලේ පස් දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බවත්, ඉන් එක් අසාදිතයෙකු පසුගිය දා නිරෝධායන මධ්‍යස්ථානයකදි ජිවිතක්ෂයට පත් වු බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක කදිරවේල් ජේ ගනේෂ් මහතා පැවසිය.
හැටන් ප්‍රදේශයේ පාසලක ගුරුවරියක් වශයෙන් සේවය කරමින් සිටියදි එම ගුරුවරියට ප්‍රථමයෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වු අතර පසුව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ නිතිඥයවරයෙකු වශයෙන් සේවය කරන ගුරුවරියගේ සැමියාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි තිබුණි.
පසුව එම නිතිඥයවරයාගේ 74 හැවිරිදි පියාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා යොමු කර සිටියදි එම අසාදිතයා පසුගිය දා ජිවිතක්ෂයට පත් වි ඇත.
බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් අසාදිතයන්ගේ පවුලේ සෙසු සමාජිකයන් ස්වයං නිරෝධානයට යොමු කර සිදු කල පි.සි.ආර් පරික්ෂණයේදි කොවිඩ් 19 වෛරසය අසාදනය වි මිය ගිය අසාදිතයාගේ බිරිදට සහ තවත් පුතෙකුට (06) දින කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බවත් , එම අසාදිතයන් දෙදෙනා නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට පියවර ගන්නා බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියේ.
හැටන් රංජිත් රාජපක්ෂ