එක්සත් ජාතික පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන එකාධිපති වියරුව පලවාහරින විරෝධතාවය හා යුක්තියේ ජනහඩ ජනතා රැළිය ගාල්ල නගරයේ දි අද පස්වරුවේ ආරම්භ කෙරිණි.
පෙළපාලි දෙකකින් ගාලු නගරයට පැමිණි විරෝධතාකරුවන් ගාල්ල බස්නැවතුම් පොළ ඉදිරිපිටදි විරෝධතා රැළිය ආරම්භ කරණු ලැබිය.
හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා විසින් පළමුව මෙකි ජනතා රැළිය ආමන්ත්‍රණය කරණු ලැබිය. කරන්දෙණිය ආසනයේ හිටපු ශ්‍රි.ල.නි.පක්ෂ සංවිධායක හා හිටපු ඇමති ගුණරත්න විරකොන් මහතාද මෙකි ජනරැළියට එක්ව සිටිම විශේෂ සිද්ධියකි.
ජිනේ්ෂ් නානායක්කාර