ඌව පළාත් මාර්ගස්ත මගී ප්රවාහන අධිකාරියේ ධාවන කළමණාකරු ලෙසට ඌව ආණ්ඩුකාර කාර්යාලයේ සේවය කළ පුද්ගලික කාර්යමණ්ඩලයේ පුද්ගලයෙකුට අවිධිමත් පත්වීමක් ලබාදී ඇතැයි පවසමින් ඌව පළාත් මාර්ගස්ත මගී ප්රවාහන අධිකාරියේ සේවකයන් දියත් කළ විරෝධතාවක් නිසා ඌව ආණ්ඩුකාර කාර්යාල පරිශ්රය අද (2) උණුසුම් විය .
එක් සේවකයෙක් නිලධාරියෙකුගේ වාහනය ධාවනය කිරීමට නොහැකිවන සේ අවහිරකරමින් බිම වැතිර විරෝධතාවට එක්ව සිටියේය .
විරෝධතා කරුවන් පවසා සිටියේ දැනට සිටින සේවකයන්ටවත් වැටුප් ගෙවීමට නොහැකි තත්ත්වයක ඌව මාර්ගස්ත මගී ප්රවාහන අධිකාරිය පත්ව ඇති අතර සේවක අර්ථසාධක පවා ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි .
තමන් තවමත් ඉතා අඩුවැටුපකට වැඩකරන අතර අවිධිමත් නව පත්වීම් වලට ඉහල වැටුප් තල පිහිටුවා ඇතැයි ඔවුහු කියාසිටියහ .
මේ වනවිට වයඹ පළාතේ ආණ්ඩුකාර ධුරයට ස්ථාන මාරුවක් ලබාදී ඇති ඌව ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා සමුදීමේ උත්සවය සදහා මෙම කාර්යාලයට පැමිණ සිටියේය .
අප කළ විමසුමකදී ආණ්ඩුකාරවරයා පැවසුවේ මෙම පත්වීම පිළිබදව තමාගේ කිසිම සම්බන්ධයක් නැති බවයි .
එය ඌව ප්රවාහන අධිකාරියේ පත්වීමක් බව අවධාරණය කළ ආණ්ඩුකාර කොල්ලුරේ මහතා කෙසේ නමුත් මෙම පත්වීම අවලංගු කර විධමත් අයුරින් නියමිත ක්රියාපටිපාටිය අනුව සුදුසු අය තෝරා පත්වීම් කරන ලෙසට මාර්ගස් මගී ප්රවාහන අධිකාරියට සභාපතිවරයාට උපදෙස් දුන් බවද සදහන් කළේය.
ආණ්ඩුකාරවරයාගේ මේ තීරණයට අවනත වූ විරෝධතා කරුවෝ සාමකාමී ලෙස විසිර ගියහ .
ආණ්ඩුකාර කාර්යාල පරිශ්රයට බදුල්ල පොලිසිය විසින් දැඩි රැකවල් යොදා තිබිණ .