ඌමා ඔය බහුකාර්යය වාරි ව්‍යාපෘතිය නිසා වැලිමඩ හා ඌවපරණගම මැතිවරණ කොට්ඨාසවල ඉඩ කඩම් ගම්බිම් අහිම් වු පවුල් සඳහා රජය විසින් ලබා දෙන ලද වන්දි මුදල් වල හිඟ මුදල් කඩිනමින් ලබාදෙන ලෙසත් එතෙක් ව්‍යාපෘතියේ වැඩ කටයුතු අත්හිටුවන ලෙස ඉල්ලමින් වැලිමඩ බදුල්ල මාර්ගයේ පුහුල්පොළ ඌමා ඔය වාරි ව්‍යාපෘතියේ ප්‍රධාන ජලාශ වැඩ බිම වටලමින් පහල කොටවෙර පුහුල්පොළ දික්කාපිටිය අවට ප්රදේශවාසිහු අද (30)දින විරෝධතා උද්ඝොෂණයක නියැලින .
ඌමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත්වුවන්ගේ වැලිමඩ ඌවපරණගම එකාබද්ධ සංවිධානය පුහුල්පොළ නන්දරත්න හිමියන්ගේ මෙහෙයවිම මත මෙම විරෝධතාවයන් පැවැත්වු අතර වැලිමඩ පොලිසිය මැදිහත් විමෙන් ඌමා ඔය ව්‍යාපෘති නිලධාරින් සමග විසදුමක් කඩිනමින් ලබාදෙන බව විරෝධතාකරුවන්ට පැවසිය.