රැකියා විරහිත උපාධිධාරීන් 50000ක් සඳහා මාර්තු 01 වැනිදාට ප්‍රථම අනිවාර්යයෙන් රුකියා ලබා දෙන බවට අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
හෙතෙම මේ බව පවසා සිටියේ බත්තරමුල්ල නෙළුම් මාවතෙහි පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී අද (13දා) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී උපාධිය අභ්‍යන්තරව හෝ බාහිරව ලබා ගත් එකක්ද යන්න පිළිබඳ අවධානය යොමු නොකරන බවත් මාස 06ක පුහුණු කාලයකට යටත්ව බඳවා ගැනීම් සිදු කරන බවත් අමාත්‍යවරයා කීය.