උපත්, මරණ සහ විවාහ සහතික පිටපත් අද සිට මාර්ගගත ක්රමයට ලබාදීම ආරම්භ කරන බව රෙජිස්ට්රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
ජංගම දුරකථන සහ පරිගණක භාවිත කරමින් එම සහතිකවල පිටපත් ඉල්ලුම් කිරිමේ හැකියාව පවතින අතර විසා සහ මාස්ටර් කාඩ්පත් භාවිතා කරමින් ඒ සඳහා අදාළ ගෙවීම් සිදුකළ හැකි වෙයි.
ඉල්ලුම් කරන එම සහතික පිටපත් සීඝ්රගාමි තැපෑල ඔස්සේ හෝ ළඟම පිහිටි ප්රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ ලබාගැනීමේ හැකියාව පවතින බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියි.
මේ පිළිබඳ වැඩිදුර විස්තර www.rgd.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 011 288 95 18 යන දුරකථන අංකය ඇමතීමෙන් ලබාගත හැක.