උත්සව සමය වෙනුවෙන් භාණ්ඩ වර්ග 50 ක් සතොස අලෙවිසැල් හරහා වෙළඳපොළ මිලට වඩා අඩුවෙන් ජනතාවට ලබාදීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසා සිටියි.
සහනදායී මිල ගණන් යටතේ හිඟයකින් තොරව සතොස හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ ජනතාවට ලබාදීමට අවශ්‍ය කටයුතු සලසා ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියි.
නාඩු සහල් කිලෝවක් රුපියල් 99.50කටත් කීරි සම්බා වෙනුවටත් පාවිච්චි කළ හැකි සම්බා කිලෝවක් රුපියල් 130කටත් ලබාදෙන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියි.
සහල් කිලෝ 5 බැඟින් එක් අයෙකුට ලබාදෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.