උතුරු පළාත් නව ආණ්ඩුකාර වශයෙන් පී.එස්.එම්. චාල්ස් මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කිරීමෙන් පසුව අද (02) දින නව ආණ්ඩුකාරතුමියට වවුනියාවේදී උණුසුම් පිළිගැනීමක් සංවිධානය කොට තිබුණි.
පී.එස්.එම්. චාල්ස් මහත්මිය වවුනියාව දිස්ත්‍රික්කයේ දිසාපතිනිය වශයෙන් කටයුතු කරන සමයේදි යුද්ධයේදි හා යුද්දෙන් පසුව වවුනියාවේ පිහිටි අනාථ කඳවුරු වල සිටි අනාථ වැසියන්ට සහන සැලසිමේදී ප්රමුඛ වූ චරිතයක් වශයෙන් ජාත්‍යන්තරයේ පවා ප්‍රසිද්ධ වූ අතර පසුව මඩකලපුව දිස්ත්‍රික් දිසාපතිනිය වශයෙන්ද , සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම්වරිය වශයෙන් හා අනතුරුව ශ්‍රීලංකා රේගුවේ අධ්‍යක්ෂක ජෙනරාල්වරිය වශයෙන්ද සේවය කරන ලද ඇය දක්ෂ පරිපාලන නිලධාරිනියකි.
වවුනියාව නගරසභා ශාලාවේදි වවුනියාවේ පොදු මහජන සංවිධානය විසින් සංවිධානය කර තිබූ මෙම පිළිගැනීමේ උත්සවය වෙනුවෙන් වවුනියාවේ පරිපාලන නිලධාරින් රැසක්ද සහභාගී වූ අතර උතුරු පළාත් නව ආණ්ඩුකාරතුමිය වශයෙන් පත් වූ පී.එස්.එම්. චාල්ස් මහත්මියට සියලු දෙනාගෙන් උණුසුම් සුභපැතුම් හා සමරු තිළිණයක්ද ප්රදානය කෙරුණි.