යුද්ධය අවසන් වීමෙන් පසුව වව්නියාව හා මන්නාරම් දිස්ත්‍රීක්කයන්හි යුද හමුදාව පරිහරණය කරන ලද ඉඩම් අක්කර 7194.86 ක ප්‍රමාණයක් මේ වනවිට නිදහස් කොට අවසන් බවට වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය කියා සිටියේය.
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතාගේ උපදෙස් පරිදි ඊයේ (29) දින මන්නාරම 61 වන සේනාංකය විසින් පරිහරණය කරන ලද ඉඩම් අක්කර 4.5ක ප්‍රමාණයක් 54 වන සේනංකාධිපති බ්‍ර්ගේඩියර් සෙනරත් බංඩාර සහ 61 වන සේනංකාධිපති බ්‍රිගේඩියර් ජයම්පති තිලකරත්න යන අයගේ ප්‍රධානත්වයෙන් ඉඩම් ලියකියවිලි මන්නාරම් දිසාපති සී.ඒ. මොහන්රාස් මහතා වෙතට භාර දෙන අවස්ථාවේදී වන්නි ආරක්ෂක සේනා මූළස්ථානය විසින් අදාළ නිදහස් කරන ලද ඉඩම් තොරතුරු අනාවරනය කොට සිටියේය.
මේ අනුව මන්නාරම් දිස්ත්‍රීක්කයේ රජයේ ඉඩම් අක්කර 839.73ක් සහ පුද්ගලික ඉඩම් අක්කර 50.51 ක් ද වව්නියාව දිස්ත්‍රීක්කයේ රජයේ ඉඩම් අක්කර 6218.74ක් සහ පුද්ගලික ඉඩම් 85.88 ක් මේ වන විට නිදහස් කොට ඇති බවට වන්නි ආරක්ෂක සේනා මූළස්ථානය විසින් කියා සිටියේය.