යාපනයේ පිහිටි මුහුදු වෙරළ අලංකාරවත් කිරිමේ වැඩසටහනක් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ආරම්භ කොට ඇති අතර ප්ලාස්ටික් භාවිතය වැඩි වීම හේතුවෙන් මුහුදු වෙරළ අපිරිසිදු වීමේ දැඩි අවධානමක් පවතින බවට යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය පවසයි.
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතාගේ උපදෙස් පරිදි 51, 52 සහ 55 සේනංකාධිපතිවරුන් සමග යුද හමුදා සෙබලුන් විසින් යාපනය මුහුදු වෙරළේ ස්ථාන කිහිපයක් පිරිසිදු කිරිමේ වැඩසටහනක් දියත් කොට ඇත.
මුහුදු වෙරළ පිරිසිදු කිරිමේ කටයුතු වල නිරත යුද හමුදා නිලධාරින් පවසා සිටියේ යාපනයේ මුහුදු වෙරළාශ්‍රිතව ජීවත් වෙන ධීවර ජනතාව මෙන්ම සංචාරක ජනතාවද මුහුදු වෙරළ ආශ්‍රිතව ප්ලාස්ටික් අපද්‍රව්‍ය දමායාම හේතුවෙන් වෙරළබඩ අවලස්සන විම මෙන්ම අපිරිසිදු වීමක්ද සිදුවන බවටය.
එමෙන්ම මුහුදු වෙරළ අපිරිසිදු වීමත් නිසා සංචාරක ආකර්ෂණයන් නොමැතිව යන අතරම දෙස් විදෙස් සංචාරකයින් යාපනයේ මුහුදු වෙරළ අපිරිසිදුභාවය පිළිබඳව වැරදි චිත්‍රයක් ජාත්‍යන්තරයට පවා යාමෙන් රටට අපකීර්තියක් වන බැවින් යාපනයේ මුහුදු වෙරළ සෑම විටම පිරිසිදුව තබා ගැනීමටත් ප්ලාස්ටික් භාවිතා කරන්නේ නම් එය විධිමත්ව භාවිතා කරන ලෙසටද යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.