උතුරු මැද පාසල් දරුවන් 16,000ක් සඳහා නොමිලයේ සබලකරණය කරන ලද සහල් නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදනාගාරය අනුරාධපුර ගල්නෑව කලංකුට්ටියදී කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් ජාතික ආහාර ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ ගල්නෑව, කලංකුට්ටිය නිෂ්පාදනාගාරයේදී මෙම සහල් සබලකරණ ව්‍යාපෘතියේ සහල් නිෂ්පාදනය සිදු කරනු ලබයි.
ලෝක ආහාර වැඩසටහන සහ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින ආහාර ප්‍රවර්ධන මණ්ඩලය සමග එක්ව දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහල දැමීම උදෙසා නොමිලේ සබලකරණ ලද සහල් ලබා දීමේ ප්‍රථම අදියර අනුරාධපුර තඹුත්තේගම අධ්‍යාපන කලාපයෙන් ඇරඹිණි.
මේ යටතේ පාසල් 61ක් ව්‍යාපෘතිය යටතේ තෝරාගෙන ඇත.
සබලකරණයෙන්යුතු සහල් නොමිලයේ ලබාදීමේ අරමුණ වන්නේ සෑම කාන්තාවන් තිදෙනකුගෙන් එක් අයෙකුට හා වයස අවුරුදු 5ට අඩු සෑම දරුවන් 4 දෙනකුගෙන් එක් අයෙකුට ප්‍රමාණවත් ෆෝලික් අම්ලය පරිභෝජනයෙන් දුරස්වීම හේතුවෙන් රක්තහීනතාවට ගොදුරුවන බවත්, අනාගතයේ ඉන් දරුවන් වලක්වාගැනීම බව එහිදී කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පැවැසීය.
මෙම වැඩසටහන සදහා ලෝක ආහාර වැඩසටහන රුපියල් මිලියන 53ක වියදමක් දරයි.
පාසල් සඳහා සහල් ප්රදානය කිරීමේ සංකේතවත් උත්සවය අනුරාධපුර හෙරිටේජ් උත්සව ශාලාවේදී අමාත්‍ය පී. හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමෙන් අනතුරුව මෙම නිෂ්පාදනාගාරය කලංකුට්ටියේදී අමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
කෘෂිකර්ම අමාත්‍යාංශය සහසෞඛ්ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය මඟින් මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරනු ලබන අතර, මූල්‍ය හා සම්පත් දායකත්වය ලෝක ආහාර වැඩසටහන මඟින් සපයයි.
පර්යේෂණ හා තාක්ෂණ දායකත්වය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨය මඟින් ලබා දෙනු ලබයි.
මෙහිදි අදහස් දැක්වු පී. හැරිසන් මහතා,
“ලෝක ආහාර වැඩසටහන හා ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය එකතු වෙලා තඹුත්තේගම කලාපයේ පාසල් 61ක ළමුන් 16, 000 කට පෝෂදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන අපි ක්‍රියාත්මක කරනු ලබනවා. මෙතෙක් කල් අපි ඒ සහල් පිටින් ගෙනල්ලා තමයි ඒ අවශ්‍ය පෝෂදායි මල්ල ලබා දෙන්න කටයුතු කලේ. දැන් අපි අපේම ස්ථානයක, ගුණාත්මක වී වර්ග වී අලෙවි මණ්ඩලයෙන් හෝ එම වී වගා කරන අයගෙන්ම අරන් මේ ස්ථානයේදීම සහල් බවට පත් කරලා පැකට් කරලා මේ ප්‍රදේශයේ පාසල් වලට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම මේ ව්‍යාපෘතියේ සාර්ථකත්වය අනුව ලබන මැයි මාසයෙන් පස්සේ අනුරාධපුර දිස්ත්‍රික්කයේම තියෙන පාසල් 570 කට වගේ මේ දිවා ආහාර වේල ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. අනතුරුව ලංකාව පුරාම පාසල් සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.
පාසල් දරුවන්ට අමතරව ප්‍රදේශවාසීන්ටත් මෙම ස්ථානයේ නිෂ්පාදනයන් මිලදී ගැනීම සඳහා අවස්ථාව ලබා දෙන්න, ඒ තුළින් මේ ප්‍රදේශයේ දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය අඩු කර සෞඛ්‍ය සම්පන්න දරු පිරිසක් බිහි කළ හැකි බව ඔහු පැවසීය.
කෂිනි හපුආරච්චි