කිලෝමීටර් 95.86ක් දිගැති උතුරු මැද ඇළ ඉදිකිරිම් ව්‍යාපෘතියේ කිලෝමීටර් 27.7ක දිගකින් යුත් උමං මාර්ග කොටස ඉදිකිරීමේ ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුව චීනයේ China State Construction Engineering Corporation Ltd වෙත පිරිනැමීමට කටයුතු කර තිබේ.
අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි මෙම කොන්ත්‍රාත්තුව පිරිනමා තිබේ.
ජාත්‍යන්තර තරගකාරී මිල ගණන් කැඳවිම මගින් මෙම කොන්ත්‍රාත්කරු තෝරාගෙන තිබේ.
ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ ක්‍රියාත්මක වන මහවැලි ජල සුරක්ෂිතා ආයෝජන වැඩසටහෙන් එක් පැකේජයක් වශයෙන් කෝඳුරුවාව සිට නාමල්පුර දක්වා මින්නේරිය, ගිරිතලේ හා හුරුළු සංරක්ෂිත වනාන්තර හා අභය භූමිවලට යටින් කිලෝමීටර් 27.7 දිගකින් යුක්තව මෙම උමග ඉදිකිරීමට නියමිතය.