උතුරු පළාත් සභාවේ සියලුම මන්ත්රිවරුන්ට වාහන බලපත්ර ලබාදී ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී කාංචන විජේසේකර මහතා අද (28දා) පාර්ලිමේන්තුවේදි ප්රකාශ කළේය.
අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. එසේම දකුණු පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්රීවරුන් දෙදෙනෙකුට වාහන බලපත්ර ලබාදී ඇතැයි ඔහු සඳහන් කළේය.
පළාත් සභා මන්ත්රිවරුන්ට වාහන බලපත්ර ලබාදෙන්නේ නම් සෑම කෙනෙක්ටම ලබාදෙන ලෙසත් එසේ නොදෙන්නේ නම් කිසිවෙකුටත් නොදෙන ලෙසත් ඔහු වැඩිදුරටත් ප්රකාශ කළේය.