පැයට කිලෝ මීටර් 100ක වේගයෙන් දුම්රිය ධාවනය කළ හැකි වන පරිදි හා වැඩි බරක් දැරීමට හැකි වන පරිදි මහව සිට ඕමන්තේ දක්වා වන දුම්රිය මාර්ගය ප්රතිසංස්රකණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව ඉන්දිය අරමුදල් සහාය ඇතිව කිලෝමීටර් 128ක දුම්රිය මාර්ගයක් මෙසේ නවීකරණය කිරීමට නියමිතය තිබේ. ඒ සඳහා වන කොන්ත්‍රාත්තුව ඩොලර් මිලියන 91.3 මුදලකට පෞද්ගලික සමාගමක් වෙත පිරි නමා තිබේ.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙම කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.