තණමල්විල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය බෝදාගම ග්රාම නිලධාරී වසමේ උඩවලව රක්ෂිතයට අයත් අක්කර 40 ක පමණ භූමි ප්රමාණයක් කිසියම් පුද්ගලයකු විසින් ඩෝසර් කර මහා පරිමාණ විනාශයක් සිදු කර ඇති බව ප්රදේශවාසීන් පෙන්වා දෙයි.
මෙම මහා වන විනාශය සිදු කර ඇති ප්රදේශයේ අලි ඇතුන් මුවන් ගෝනුන් වඳුරන් සතුන් හා ප්රදේශයට ආවේනික කුරුලු විශේෂය ජීවත් වන බව ප්රදේශවාසීහු පවසති
සතියක් ඇතුළත මෙම වන විනාශය සිදු වී ඇති බවත් මේ සම්බන්ධයෙන් වන ජීවී කාර්යාලය, පොලීසිය හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් දැනුවත් කලත් මෙම මහා විනාශ වන විනාශය නවතා ගැනීමට නොහැකි වූ බවද ප්රදේශවාසීහු පවසති.
බලංගොඩ රෝහන වසන්ත