උඩවලව ජාතින වනෝද්‍යානයේ දිවියෙක් අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරුවන් තිදෙනා එළැඹෙන 17 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
සැකකරුවන් ඇඹිලිපිටිය කොට්ඨාස නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සෙවනගල පොලිස් ස්ථානය වෙත භාර දීමෙන් පසුව අද (06දා) අධිකරණයට ඉදිරිපත් කළේය.