උඩවලව ජාතික වනෝද්‍යානයේ දිවියෙක් අමානුෂික ලෙස ඝාතනය කිරිම සම්බන්ධයෙන් මොණරාගල හා ඇඹිලිපිටිය කොට්ඨාසවල නිලධාරින් කණ්ඩායමක් විසින් විමර්ශන ආරම්භ කරන ලදි.
ඒ අනුව මෙම අපරාධය සිදු කල සැකකරුවන් තිදෙනෙකු ඊයේ (5) වන දින කුමාරපුර, සෙවනගල ප්‍රදේශයේදි ඇඹිලිපිටිය කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන සෙවනගල පොලිස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.
සැකකරුවන් අද (6) දින ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය. සෙවනගල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.