උඩුගම ශ්‍රි ලංගම ඩිපෝවේ සේවකයින් 08 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ.සිංගාරච්චි මහතා පවසයි.
මෙකි තත්වයත් සමග පළමුපෙළ ආශ්රිත සේවකයින් 37 දෙනෙකු නිවෙස්වල නිරෝධායනයට ලක්කොට ඇති බවද ඒ මහතා පවසයි.
උඩුගම ඩිපෝවේ කාර්යාලයේ සේවය කරණ නිලධාරියකුගේ බිරිදට මුලින්ම කොරෝනා වෛරසය ආසාදනය වි තිබු අතර ඇය පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියක් බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.
ඉන්පසු මෙකි නිලධාරියා හා ඔහු සමග එකට සේවය කළ උඩුගම ඩිපෝවේ සේවකයින් 38 දෙනෙකු නිවෙස්වල නිරෝධායනයට ලක්කොට පි.සි.ආර් පරික්ෂණ සිදුකොට ඇත.එම පරික්ෂණ ප්‍රථිපල අනුව උඩුගම ඩිපෝවේ සේවකයින් 08 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.
දැනට නිරෝධායනය වෙමින් සිටින සේවකයින්ගේ දෙවැනි.පි.සි.ආර්. පරික්ෂණය මෙම මස 18 වැනිදින සිදුකිරිමට නියමිතව ඇත. උඩුගම ඩිපෝවේ සේවකයින් 243 දෙනෙකු පමණ සේවය කරණ අතර අත්‍යවශ්‍ය සේවා කටයුතු වලට බාදාවක් නොවන අයුරින් ඉන් සේවකයින් 200 දෙනෙකුගේ පි.සි.ආර්. පරික්ෂණ අද (09) දින සිදුකිරිමට සැලසුම් කොට ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා වැඩිදුරටත් සදහන් කළේය.