අම්පාර දිස්ත්‍රික්කයේ උක් වගාකරුවන් මුහුණ දී තිබෙන ගැටලුව සම්බන්ධව පූර්ණ අධීක්ෂණයකින් අනතුරුව ඊට නිසි විසදුම් ලබාදීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට තිරණය කොට තිබේ.
ඒ අම්පාර දිස්ත්‍රික්කයේ උක් වගාකරුවන් මුහුණ දී සිටින ගැටලු සම්බන්ධව දැනුම්වත් කොට ඊට අදාළ විසඳුම් ලබා ගැනීමේ අරමුණින් මුස්ලිම් කොන්ග්රස් නායක, නගර සැලසුම්, ජලසම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා එම වගාකරුවන්ගේ නියෝජිතයන් පිරිසක් සහ ගල්ඹය වැවැලි (පුද්ගලික)සමාගමේ නියෝජිතයන් පරිසක් ද සමඟ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා හමු වී ඊයේ ඊයේ(13) දින ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ දී සාකච්ඡාවකින් අනතුරු ව ය.
එහිදී මතු වී තිබුණු ප්‍රධානත ම ගැටලුව වූයේ උක් වගාව තුළින් ආර්ථික වශයෙන් පාඩු ලබන්නට සිදු වීමත් එම ඉඩම්වල වී වගාව සඳහා අවසර ලැබෙන්නේ නම් ඔවුන්ගේ ආදායම් තත්ත්වය ඉහළ දමාගත හැකි බැවින් ඊට අවශ්‍ය අවසරය ලබා ගැනීම ය.
ඊට අමතරව දිගින් දිගටම ගල්ඔය වැවිලි (පුද්ගලික) සමාගම විසින් උක් වගාව සිදු කිරීමට පමණක් එම ගොවීන්ට බලපෑම් සිදු කිරීම පිළිබඳ ව ද සාකච්ඡා විය. 1965 වර්ෂයේ එම උක් වගාකරුවන් සඳහා රජයෙන් අක්කර 06ක් ලබාදී පසුව 1968 වර්ෂයේ එම අක්කර සංඛ්‍යාව අක්කර 04 දක්වා අඩු කිරීමෙන් පසුව එම ඉඩම්වල ඔවුහු උක් වගා කළහ.
නමුත් 1990 සිට 2012 වර්ෂය වන තෙක් යුධ සමයේ වී වගාව සඳහා ඔවුන්ට අවසර ලැබී තිබුණු අතර ඒ තුළින් ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ දමා ගැනීමට ඔවුනට අවස්ථාව උදා විය. නමුත් මෙම ඉඩම් වෙන්කොට දී තිබෙන්නේ ම උක් වගාව සඳහා බැවින් වී වගාව සඳහා අවසර ලබා ගැනීම ඔවුනගේ ඉල්ලීම විය.
එසේ නොමැති වීමෙන් ගල්ඔය වැවැලි (පුද්ගලික) සමාගම විසින් සිදු කරන බලපෑම්වලට අනුව කටයුතු කළ හොත් තමන් ආර්ථික වශයෙන් අන්ත දිළිඳු බවට පත්වන බව ද ඔවුන් විසින් මතුකරන ලද ගැටලුවකි.
එම කමිටුව මාස 1 ½ක් ඇතුළත අදාළ ගැටලුවට ස්ථිරසාර විසදුමක් ලබා දිය යුතු බවත් ගොවීන්ට සිදු වී ඇති අලාභයන් ගණන් බලා ඊට වන්දියක් ගෙවීම පිළිබඳව ද සලකා බලන ලෙස අමාත්‍යවරයාගේ උපදෙස් ලැබිණි.