හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ කොළඹ පිහිටි නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සීමට ලක්ව පසුව කොළඹ ජාතික රෝහලේදී මියගිය ඉෂාලිනී ජුඩ් දැරියගේ සිරුර දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගොඩගෙන තිබේ.
එම සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ගෙන යෑමට නියමිතය. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා විශේෂඥයින් තිදෙනෙකුගේ සමන්විත මණ්ඩලයක් පත්කර තිබේ.