ශ්රී ලංකාවේ ඉරාන තනාපති මොහොමඩ් සයරි අමීරානි මහතා අද (10දා) හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා හමුවිය.
ඉරාන තනාපති මොහොමඩ් සයරි අමීරානි මහතා සිය ධුර කාලය අවසන් කර නැවතත් සිය රට බලා පිටත්විමට ප්රථම හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සිය ධුර කාලය තුළදි ජනාධිපතිවරයා ලෙස තනාපතිට දැක්වූ සහයෝගය පිළිබදව සිය ස්තුතිය පළ කර සිටියේය.
මේහිදි මෛත්රීපාල සිරිසේන මහතා විසින් ඉරාන තනාපතිවරයා ලෙස රටට සිදු කළ සේවය සහ සමාජ මෙහෙවර වෙනුවෙන් සිය ස්තුතිය පළ කළේය.