කිළිනොච්චිය ඉරණමඩු ජලාශයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ඉවත් කරන ලද සේනානායක මහත්වරුන්ගේ පැරණි සමරු ඵලකය පැය 24 ක් තුළ තිබූ ස්ථානයේම නැවත ස්ථාපිත කිරීමට ජනාධිපති මෛත්රිපාල සිරිසේන මැතිතුමන් විසින් උපදෙස් ලබා දුන් බවට උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය නිවේදනය කරන ලදි.
ජනාධිපති තුමන්ගේ උපදෙස් පරිදි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ අධීක්ෂණයෙන් අද උදෑසන උතුරු පළාත් ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් ජේ.එම්.සෝමසිරි මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ඉවත් කරන ලද සමරු ඵලකයේ නැවත ස්ථාපිත කිරීම් පිළිබඳව සොයා බැලීමට ඉරණමඩු ජලාශයේ නිරීක්ෂණයක නිරත වූහ.
එම කටයුත්ත ඊයේ දිනයේදී ජනාධිපතිතුමන්ට සැලවූ වහාම ඒ බව උතුරු පළාත් ආණ්ඩුකාරතුමන්ට ජනාධිපතිතුමන් විසින් වහාම ක්රියාත්මක වන පරිදි අදාළසමරු ඵලකය තිබූ ස්ථානයේම ස්ථාපිත කරන ලෙසට දැනුම් දෙනු ලැබීය අනතුරුව උතුරු ආණ්ඩුකාරතුමන් විසින් පැරණි සමරු ඵලකය පැය 24 ක කාලයක් තුළදී නැවත තිබූ ස්ථානයේම ස්ථාපිත කිරීමට කොන්ත්රාත් කරුවන්ට උපදේ ලබා දුන් අතර ඊයේ රාත්රියේ සහ අද උදෑසන වන තුරුම සමරු ඵලකයේ ස්ථාපිත කිරීම් කටයුතු සිදු වෙන බවට උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය වැඩිදුරටත් කියා සිටියේය.