තලංගම, තලාහේන ප්ර දේශයේදී ඉන්ධන පිරවුම් හලක් ඊයේ (23දා) රාත්රියේ කොල්ල කා ඇතැයි පොලීසිය පවසයි. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් උඩට වෙඩි තබා ඉන්ධන පිරවුම් හලේ සේවකයන් බිය ගන්වා ඔවුන් සන්තකයේ හා ලාච්චුවේ තිබූ මුදල් මෙසේ කොල්ල කා තිබේ. කොල්ලකන මුදල් ප්රමාණය අණාවරණය වී නොමැති අතර තලංගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.