ඉන්දියාවේ තමිල්නාඩු සිට මන්නාරම වෙතට මුහුදු මාර්ගයෙන් කහ කැබිලි කිලෝ දහසක් නීතිවිරෝධීව රැගෙන ඒමට උත්සහ දැරූ සැකකරුවන් තිදෙනෙකු ඊයේ (12) දින ඉන්දීය වෙරලාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
තමිල්නාඩු මණ්ඩපම් වේදාලේ ප්රදේශයේදී සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී සැකකරුවන් විසින් කහ තොගය ලොරි රථයකට පටවා මුහුදු වෙරල දෙසට ප්රවාහනය කරමින් සිටියදී ඉන්දීය වෙරලාරක්ෂක නිලධාරීන් විසින් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
මෙරට කහ මිල ගණන් ඉහල යාම හේතුවෙන් මෙලෙස නීතිවිරෝධීව කහ මෙරටට රැගෙන විත් ඉහල මිල ගණන් යටතේ විකිණීමට සැලසුම් කොට තිබූ බවටත් මන්නාරම් බොක්ක ප්රදේශය හරහා මුහුදු මාර්ගයෙන් කහ ප්රවාහනය කිරීමට සැලසුම් කොට තිබූ බවටද ඉන්දීය වෙරලාරක්ෂක නිලධාරීන් අනාවරණය කොට ගෙන ඇත.