ඉන්දියානු රජයේ ආධාරයක් ලෙස රුපියල් මිලියන 98ක වියදමින් කොත්මලේ, එල්බොඩ තේ වතුයායේ, වතු කම්කරු පවුල් 98ක් සඳහා ඉදිකරන ලද නව නිවාස 98කින් යුත් “බගත්සිම්” ගම්මානය ජනතා අයිතියට පවරා දීම අද (24) දා සිදු කෙරිණි.
පර්චස් 07ක ඉඩමක් සමඟ ජලය, විදුලිය හා මාර්ග පහසුකම් සහිත මෙම අංග සම්පූර්ණ නිවාස සඳහා ජලය විදුලිය ඇතුළු යටිතල පහසුකම් සඳහා ඉන්දියානු රජයේ ආධාරයට අමතරව නව නිවාස ගම්මාන, වතු යටිතල පහසුකම් හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන 15ක මුදලක් ලබා දී ඇත.
මෙම නව නිවාස සඳහා හිමිකම් ඔප්පු ලබාදිමද මෙහිදී සිදු කෙරිණි.
මස්කෙළිය - ගාමිණි බණ්ඩාර