සෞදි අරාබියේ දී මියගිය ඉන්දියානු ජාතිකයෙකුගේ මළ සිරුරක් වෙනුවට ලාංකික කාන්තාවකගේ මළ සිරුරක් ඉන්දියාවට යවා ඇති පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය පෙබරවාරි 28 දා හෘදයාබාධයක් හේතුවෙන් මිය ගිය 29 හැවැරිදි ඉන්දීය ශ්‍රමිකයෙකු වෙන රෆීක්ගේ මලල සිරුර ඉන්දියාවට යොමුකර ඇති අතර එම දේහය රැගත් පෙට්ටිය විවෘත කිරිමේදි එහි ඇත්තේ කාන්තාවකගේ මල සිරුරක් ඥාතීන් දැන ගැනීමේ පසුව ඔවුන් ඉන්දීය පොලීසිය දැනුවත් කර තිබේ.
ඒසේම රාෆික්ගේ සිරුර ශ්‍රී ලංකාව වෙත යවා ඇති බවත් ඉන්දියාවට යවා ඇත්තේ බණ්ඩාර මැණිකේ නම් කාන්තාවගේ සිරුරක් බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මෙම සිරුර මාර්තු 20 දා කෝචි ගුවන් තොටුපොළ වෙත ගොස් තිබේ.