මහවැලි ජලාශ ආශ්රිත ප්‍රදේශ වල ඉදිරි කාලයේකුඩා කුඩා භූ කම්පනඉදිරි කෙටි කාලයේ සිදුවිය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ මහාචාර්ය සී. බී. දිසානායක මහතා පවසයි .
ජලාශවල ජල පීඩනය නිසා හෝ ජලාශ ආශ්‍රිතව හුණුගල් පැලෙද්දී ගැබ්ව ඇති පීඩනය පිට වීමේදී මෙවැනි කම්පනයන් ඇතිවන බවබවත්ජලාශය ජලය වැඩි වීමේ දීත්අඩුවීමේදීත් මෙවැනි කම්පනයන් ඇති විය හැකි බවමහාචාර්යවරයා අවධාරණය කර සිටී .
ඉකුත් අගෝස්තු මස 29 වැනි දින රාත්‍රිය හා ඊටපසු අවස්ථා කීපයකදීවික්ටෝරියා ජලාශය ආශ්රිත ප්‍රදේශ වල රිච්ටර් මාපකයේදෙකට අඩු අගයක් ගන්නා භූ චලන සිදු වී තිබූ අතර මෙම භූ කම්පන වික්ටෝරියා ජලාශ ආශ්රිත ප්‍රදේශයට ම සීමා වූ භූ කම්පන බවත් ජලාශ ආසන්න පාෂාණ බොහොමයක් ඩොලමයිට් හුණුගල් විපරිත පාෂාණ බව ද මහාචාර්යවරයා පවසයි.
මෙම පාෂාණවල පීඩනය අඩු වැඩි වැඩි වීම ඉකුත් භූචලන දෙකටම බලපාන්නට ඇති බවත් මෙම තත්ත්වය සුළුවෙන් බැහැර නොකළ යුතු බවත්පසුගිය කාලයේ සිදු වූකම්පන තත්වයන්වික්ටෝරියා රන්දෙණිගල හා රන්ටැඹේ යන ජලාශ වල සවිකර කර තිබෙන සංවේදී උපකරණ පද්ධති වල ද සටහන්ව තිබූ බව දසඳහන් වේ .
වික්ටෝරියා ජලාශයේ වේල්ලේ තිබෙන ඉරිතැලීම මෙම භූ භූ කම්පනය නිසා අඩුවීමක් හෝ වැඩි වීමක් පෙන්නුම් නොකරන බවද මහවැලි අධිකාරිය පවසයි .
ෂේන් සෙනෙවිරත්න