වසර 8 ට පසුව ඉකුත් 12 දා ඉතාලි අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය නිකුත්ළ ගැසට් නිවේදනයක් මගින් ඉතාලියේ යළි ක්‍රියාත්මක වු ෆ්ලුස්සි 2020 චක්‍රලේඛය මගින් විදේශ ශ්‍රමිකයන් 6000 ක පිරිසක් ඉතාලියේ රැකියා සඳහා ගෙන්වීමේ කෝටාවට ශ්‍රීලංකාව ඇතුලු රටවල් 32 ක් සුදුසුකම් ලබා තිබේ.
මෙම කෝටාව මගින් විදේශ ශ්‍රමිකයන් බරවාහන, සංචාරක, හෝටල් ආපන ශාලා හා ඉදිකිරිම් යන අංශ සඳහා ඉතාලියේ සේවා යෝජකයන්ගේ අනුග්‍රහය මත ගෙන්වා ගැනිමට හැකි බව ඉතාලි අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.
මෙම රැකියා කෝටාව සඳහා ශ්‍රීලංකාවද ඉතාලි රජය සමග ගිවිසුමක් අත්සන් කර ඇති හෙයින් 2006 වසරේ සිට නිත්‍යානුකූලව ඉතාලියට ඇතුලු වූ ශ්‍රී ලාංකිකයන්ට රැකියාවත් සමග විසා බලපත් ලබා ගැනිමේ අවස්ථාව හිමිව තිබුණි. මෙම රැකියා සඳහා ශ්‍රී ලංකා රජයට කිසිදු මැදිහත්වීමක් කළ නොහැකි අතර ඉතාලියේ සේවා යෝජකයෙක්ගේ කැමැත්ත හා අනුග්‍රහය මත පමණක් ලාංකිකයන්ට රැකියා සඳහා අවස්ථාව හිමිවීම මෙහි විශේෂත්වය වේ.
මීට අමතරව සෑම වසරකම නිකුත් කරන මාස 6 ක කාලයක් සඳහා සෘතු රැකියා සඳහාද ලංකිකයන්ට කෝටාවක් හිමිව ඇති අතර එයද ඉතාලි සේවා යෝජකයෙක්ගේ අනුග්‍රහය හා කැමැත්ත මත ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම සිදු වේ.
එම සෘතු රැකියා කෝටාවෙන් විදේශ ශ්‍රමිකයන් 18000 ක් ගෙන්වා ගැනිමේ අවස්ථාව ලබා දී ඇති අතර ඔක්තෝබර් මස 27 දා සිට මෙම ශ්‍රමිකයන් ගෙන්වා ගැනිමට ඉල්ලුම්පත් ඉදිරිපත් කිරිමට හැකි බව ඉතාලි අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය පවසයි.
චන්දන ප්‍රනාන්දු