ඉතාලියේ සිට ලංකාවට මෙම කාලයේ යෑමට තිබෙන එකම ගුවන් සේවය වන ශ්රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ටිකට් පතේ මිල අධික වීම හේතුවෙන් ඉතාලියේ ශ්රී ලාංකිකයන් දැඩි අපහසුතාවයට පත්ව ඇතෑයි ඉතාලි ශ්රී ලාංකික සංවිධාන එකමුතුව පෙන්වා දෙයි
කොවිඩ් වසංගතය හේතුවෙන් ඉතාලියේ සිට ලංකාවට එමට නොහැකිව සිටින ලාංකිකයන් සඳහා ඊයේ 03 සිට මිලාන් මල්පෙන්සා ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් වාරයක් ආරම්භ කලත් එහි ටිකට් පත නිරෝධායනය කොවිඩ් පරික්ෂණ යනුවෙන් එකතු කර යුරෝ 2000 ට ආසන්න වි ඇති බවත් එය ලංකා මුදලින් රුපියල් ලක්ෂ 4 ට අධික වීම ලාංකිකයන්ට දරා ගත නොහැකි බව එම සංවිධාන එකමුතුව පවසයි
මේ ආකාරයෙන් හො ගුවන් යානයක් ලාංකිකයන් වෙනුවෙන් ලබාදීම සම්බන්ධයෙන් ලංකා රජයට ස්තුතිවන්ත වන බවත් ඉතාලියේ කොවිඩ් වසංගතය හේතුවෙන් රැකියා අහිමි වු හා ආදායම අහිමි වු ලාංකික පවුල් විශාල පිරිසක් සිටින බැවින් එම පවුල් වල සිටින අසනීප අය වයසක මාපියන් දරුවන් ලංකාවට යාමට සිටින නමුත් මෙම ගුවන් ටිකට් පත් වල අධික මිල ගණන් හේතුවෙන් ඔවුන් දැඩි අපහසුවට පත්ව ඇතැයි ලාංකික සංවිධාන එකමුතුව පෙන්වා දෙයි
මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගෙ අගමැතුතුමාගේ හා ගුවන් සේවා ඇමතිතුමාගේ අවදානය යොමු කර මෙම ගුවන් ටිකට් පතට යම් සහනයක් ලබාදීමට කටයුතු කරන ලෙස ශ්රී ලාංකික සංවිධාන එකමුතුව ඉල්ලයි
චන්දන ප්රනාන්දු