කොවිඩ් 19 වසංගත තත්ත්වය යම් පාලන තත්ත්වයක පැවතුනත් නියමිත පරිදි සියලුම ආරක්ෂිත ක්‍රමවේදයන් සමග ඉතාලි පාර්ලිමේන්තු හා සෙනෙට් මණ්ඩලයේ සමාජිකයන් ප්‍රමාණය අඩු කරලීමේ ජනමත විචාරණය සැප්තැම්බර් මස 20 හා 21 යන දිනවලදි සිදු කිරිමට සියලු කටයුතු සුදානම් කර ඇතැයි ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙම ජනමත විචාරණය තුලින් මෙතෙක් පාර්ලිමේතුවේ සිටි මන්ත්‍රීවරුන් 600 දෙනා 430 දක්වාත් සෙනෙට් සභාවේ මන්ත්‍රීවරුන් 315 සිට 200 දක්වා අඩු කිරිමට ජනතා කැමැත්ත විමසීමට නියමිතය.
මෙම මන්ත්‍රීධුරයන් කපා හැරීමෙන් වාර්ෂිකව යුරෝ මිලියන 82ක මුදලක් ඉතිරි කර ගත හැකි බව ඉතාලි මුදල් අමාත්‍යාංශය ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම ජනමත විචාරණයට සමගාමීව ඉතාලියේ ප්‍රාන්ත 7ක ප්‍රාන්ත මැතිවරණයද එදිනම පැවැත්වීමට නියමිතය.
ඊයේ (12) ඉතාලියේ කොවිඩ් ආසාදිතයන් 1,501ක් හා කොවිඩ් 19 මරණ 06ක් වාර්තා වි තිබේ.
චන්දන ප්‍රනාන්දු