ඉතාලියේ පසුගිය පැය 24 තුළ කොරොන වයිරස් ආශ්රිත මරණ 464 ක් වාර්තා වී ඇතැයි බලධාරීහු පවසති.
ඒ අනුව එරට සමස්ත මරණ සංඛ්‍යාව 25,549 දක්වා වර්ධනය විය ඉතාලියේ මරණ දෙවැනි වන්නේ ඇමෙරිකාවට පමණි.
ඉතාලියේ නව තහවුරු කළ රෝගීන් 2,646 ක් හඳුනාගෙන තිබේ. කෙසේ වෙතත් එරට තවම් ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 106848ක් දක්වා පහළ වැටී තිබේ.
එසේම දැඩි සත්කර ඒකක වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 2267ක් දක්වා අඩුවී තිබේ.