සෑම සිසුවෙකුටම තනි පුටුවක් හා තනි මේසයක් ලෙස ලබාදි පන්ති කාමරය කොවිඩ් 19 න් ආරක්ෂිත හා දුරස්ථභාවය රැකෙන ආකාරයට ලබන (14) දා ඉතාලියේ නව පාසැල් වර්ෂය ආරම්භ කරන බව ඉතාලි අගමැති ජුසෙප්පේ කොන්තේ මහතා ඊයේ (09) මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.
මෙය අසීරු කාර්යක් වුවත් ඉතාලි මොඩලයේ ක්‍රමයක් තුල මේ වනවිට කොවිඩ් වසංගතය පාලනය කරමින් සිටින බවත් සිසු දරුවන්ට පාසැල ආරක්ෂිත ස්ථානයක් කරලීමට කණ්ඩායමක් ලෙස සාමුහික උත්සහයක යෙදෙමින් සිටින බව අගමැතිවරයා වැඩි දුරටත් පැවසීය
ඊයේ (09) ඉතාලියේ කොවිඩ් ආසාධිතයන් 1474 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්යාය පවසයි. ඊයේ (09) දිනයේදි ඉතාලියේ කොවිඩ් 19 මරණ 14 ක් වාර්තා වි තිබේ. ඊයේ (09) දිනය වනවිට ඉතාලියේ සමස්ත කොවිඩ් මරණ 35,577 ක් සමස්ත ආසාධිතයන් 2,81,583 ක් වාර්තා වු සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඊයේ (09) ඉතාලියේ PCR පරික්ෂණ 95,990 ක් සිදුකර තිබේ
චන්දන ප්‍රනාන්දු