සැප්තැම්බර් මස අවසානය වනවිට ඉතාලියේ සීත සෘතු ඉන්ෆ්ලුඑන්සා සඳහා එන්නත් මිලියන 17ක් සුදානම් කර ඇති බවත් වසර අවසානය වන විට ඉතාලි පර්යේෂකයන් විසින් කොවිඩ් 19 සඳහා එන්නතක් සොය ගන්නා බවට සුභවාදි බලාපොරොත්තුවක සිටින බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍ය රොබැර්තෝ ස්පෙරන්සා මහතා ඊයේ (07) පැවසීය
ඊයේ (07) ඉතාලියේ කොවිඩ් ආසාදිතයන් 1108 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඊයේ ෙඉතාලියේ කොවිඩ් 19 මරණ 12 ක් වාර්තා වි තිබේ. ඉතාලියේ සමස්ත කොවිඩ් මරණ 35,553 ක් සමස්ත ආසාදිතයන් 278,784 ක් වාර්තා වු සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
චන්දන ප්‍රනාන්දු