ඉඩම් ලියාපදිංචි කිරීම එක්දිනකින් අවසන් කිරීමේ සේවාවක් හඳුන්වාදීමට රජය කටයුතු කර තිබේ.එළැඹෙන 16 දා සිට මෙම සේවාව ක්‍රියාත්මක කිරිමට නියමිතය.
ඊට සමගාමීව භාෂා ද්විත්වයෙන්ම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සැකසුණු නව උප්පැන්න සහතිකය නිකුත් කිරීම හා නව ආරක්ෂිත ක්රමෝපායන් සහිත විවාහ සහ මරණ සහතික ලබාදීමේ දීප ව්‍යප්ත වැඩසටහනද මේ හා සමගාමීව ආරම්භ වෙයි.
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මගින් ලබාදෙන මහජන සේවාවන් වඩාත් කාර්යක්ෂමව හා කඩිනම්ව ලබාදීමේ අරමුණින් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ සංකල්පයක් අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙයි.
මෙතෙක් පැවැති ක්‍රමය අනුව ඉඩමක ඔප්පුවක් ලියාපදිංචි කිරීමට දින ගණනක් ගත විය. මේ ක්‍රමය වෙනස් කරමින් වඩාත් ආරක්ෂිතව හා කාර්යක්ෂමව ඉඩම් ඔප්පු ලියාපදිංචි කිරීම එකම දිනකින් සිදුකරගැනීමේ අවස්ථාව ජනතාවට උදාවෙයි.
එදින සිට මෙම සේවාව දිවයින පුරා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සියලුම කාර්යාලවලින් ලබා ගැනීමට හැකියාව පවතී.
උප්පැන්න සහතික හා විවාහ සහතික නිකුත් කිරීමේ දී මෙතෙක් පැවැති සහතිකය වෙනස් කරමින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සහතිකයක් නිකුත් කිරීමට කටයුතු යොදා ඇති අතර මාර්තු මස 16 වැනි දින සිට ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් එම සහතිකය කඩිනමින් ලබාගැනීමේ අවස්ථාව ද උදාවෙයි.