මග නැගුම ඉදිකිරීමේ හා යන්ත්‍රෝපකරණ සමාගමේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාලවල පැවැති කෝටි ගණනක් වටිනා දිරිපත්වීමට ඉඩ තිබූ වාහන රාශියක් නැවත පිළිසකර කිරීම් ආරම්භ කර තිබේ.
කාර්, කැබ්, ජීප් රථ, ටිපර්, ඩෝසර්, එස්කැවේටර් සහ මාර්ග සංවර්ධන කටයුතු සඳහා භාවිතා කරන යන්ත්‍රෝපකරණ සියයකට අධික සංඛ්‍යාවක් මෙසේ යළිත් පිරිසකර කර තිබේ.
මෙය තමන්ගේ නිරීක්ෂණයට ලක් වූ බවත් එම වාහන සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් තමන් වෙත ලබා දීමට මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති සහ මගනැගුම ඉදිකිරීමේ හා යන්ත්‍රෝපකරණ සමාගමේ සභාපතිතිට තමන් උපදෙස් දුන් බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
එම වාහන සම්බන්ධයෙන් තමන් වෙත ලැබුණු වාර්තාවට අනුව කඩිනමින් අලුත්වැඩියා කළ යුතු වාහන හා යන්ත්‍රෝපකරණ තෝරාගෙන ඒවා ක්‍රමානුකූලව අලුත්වැඩියා කොට මාර්ග සංවර්ධන කටයුතු සහ ප්‍රවාහන කටයුතු වෙනුවෙන් මේවන විට යොදවා ගන්නා බව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.
මහා මාර්ග අමාත්‍යාංශයට අයත් මග නැගුම යන්ත්‍රෝපකරණ සමාගමේ වැඩ ඒකකය මගින් යාන්ත්‍රික ඉන්ජිනේරුවන්ගේ අධීක්ෂණය යටතේ මෙමෙ වාහන හා යන්ත්‍රෝපකරණ අලුත්වැඩියාකර ඇත.