අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පලාලි ගුවන්තොටුපොළේ ඉදිකිරීම් සොයා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවකට අද (15දා) එක්ව තිබේ.
පලාලි ගුවන් තොටුපොළ මේ වන විට කලාපීය සහ ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් ලෙස සංවර්ධනය කිරිම ආරම්භ කර තිබේ.
පළමු අදියරේ ඉදිකිරීම් නිරීක්ෂණය කිරීම සඳහා අමාත්‍යවරයා මෙසේ හදිසියේ පලාලි ගුවන් තොටුපොළට පැමිණ තිබේ.
ගුවන් තොටුපොළේ මූලික ඉදිකිරීම් මේ වන විට අවසන්ව ඇති බව අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදු කෙරෙන ඉදිකිරීම්වලින් සියයට 70කද ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගම විසින් සිදු කෙරෙන ඉදිකිරීම්වලින් සියයට 55ක ප්‍රමාණයක්ද අවසන්ව තිබේ.