මේ වන විට දිවුලපිටියට හා මිනුවන්ගොඩට ඇඳිරි නිතිය ක්‍රියාත්මක බවත් එම ඇඳිරි නීතිය කඩ කරන අයට නිතිය ක්‍රියාත්මක කරන බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
කොවිඩ් පැතිරිම වැළැක්විමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“ විශේෂයෙන්ම මේ ප්‍රදේශවල ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා ඇඳිරි නිතියට ගරු කරමින් කටයුතු කරන ලෙසට. මෙම ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ කිසිවෙකුට තම නිවාස වලින් පිටතට පැමිණීමට අවස්ථාව ලැබෙන්නෙ නෑ.
අත්‍යාවශ්‍ය සේවා පමණක් එම ප්‍ර දේශවල ක්‍රියාත්මක වෙනවා. නීතිය කඩ කරනවානම් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමටත් නීතිය ක්‍රියාත්මක කිරීමටත් සිදුවෙනවා.
පොලිස් නිලධාරින්, සෞඛ්‍ය නිලධාරීන් නිවසට ආයතනයට ප්‍රදෙශයට පැමිණිය හැකියි. ඒ අයට උපරිම සහාය ලබාදෙන්නේ.
පොලිස් බල ප්‍ර දේශ දෙකට ඇඳිරි නිතිය ක්‍රියාත්මක වුණත් නැවත වරක් පෙර පරිදි සෞඛ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කරන්න.”
VIDEO