ඇඳිරි නීතිය පවතින ප්‍රදේශ ඉදිරි දින තුනේදී කිසිසේත්ම සම්පූර්ණයෙන් විවෘත නොකරන එම ප්‍ර දේශ හැකි ඉක්මනින් විවෘත කිරීමට කටයුතු කරන බවත් යුද හමුදාපති ලුතින්න ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එසේ වුවත් එම ප්‍රදේශ සම්බන්ධයෙන් කළ විශ්ලේෂණ ඇනුව ඇතැම් පොලිස් බල ප්‍රදේශ තුළින් ආසාදිතයන් වාර්තා වීම අඩුවෙමින් යන බවත් ඒ අනුව හෙට දිනයේදී හෝ අනිද්දා දිනයේදී ඇතැම් පොලිස් බල ප්‍රදේශ විවෘත කිරීමට හැකියාවක් පවතින බවත් ඔහු පැවැසීය.
මේ වන විට ආසාදිතයන් වාර්තා වන්නේ නිරෝධායන මධ්‍යස්ථාන තුළින් බවත් දින හයක් තුළ පී.සී.ආර්. පරීක්ෂණ 24000කට අධික ප්‍රමාණයක් සිදුකර ඇති බවත් ඔහු සඳහන් කළේය.