ආනයනය කෙරෙන ආහාර ද්‍රව්‍ය රැසකට අද (22) සිට මාස 6 ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි විශේෂ වෙළඳ භාණ්ඩ බදු ඉහළ දමා තිබෙනවා. අර්තාපල් කිලෝග්‍රෑමයක් සඳහා රු. 50ක්, රතු ළුණු සහ සුදු ළුණු කිලෝග්‍රෑමයක් සඳහා රු. 50ක්, යෝගට් කිලෝග්‍රෑමයක් රු 800ක්, පරිප්පු කිලෝග්‍රෑම්යක් සඳහා රු.05 සහ සැමන් රු.100 ඇතුළු භාණ්ඩ රැසක බදු මෙලෙස ඉහල දමා තිබේ.