ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කරන බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අද සිට ක්‍රියාත්මකයි.
බස් රථවල ආසන ධාරිතාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කරන බවට පැමිණිලි ලැබී තිබෙනවා. පසුගිය දෙවනදා රාජ්‍ය සේවය සාමාන්‍යකරණයට ලක්කිරීමත් සමග පොදු ප්‍රවාහන සේවාද ආරම්භ වුණි. කෙසේ වෙතත් පළාත් අතර සාමාන්‍ය මගී ප්‍රවාහනයට අවසර නොලැබෙන බවයි පොලීසිය පවසන්නේ.
ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් රැගෙන යන බස් රථ පරීක්ෂා කිරීමේ කටයුතු ස්ථාන කිහිපයකදී අද සිදු කෙරුණා. පෑලියගොඩ නවලෝක හන්දිය සහ දෙමටගොඩ යන ප්‍රදේශවලදී මෙවැනි බස් රථවලින් මගීන් බස්සවා රියදුරන්ට දැඩිව අවවාද කිරීමටයි පොලීසිය කටයුතු කළේ.
ආසන ධාරිතාව ඉක්මවා මගීන් රැගෙන ගිය බස් රථ පොලීසිවලට රැගෙනයාම සිදු කෙරුණු අතර රියදුරු බලපත්‍රද පොලිස් භාරයට ගැනුණා.