රට පුරා ව්‍යාප්ත පුද්ගලික සමාගමකට අයත් අවන්හල් ජාලයක බෙන්තොට ශාඛාවට ඉකුත්දා පැමිණ ඇති ගල්කිස්ස ප්‍රදේශයෙන් හමුවී තිබෙන කොවිඩ් ආසාදිතයකු එම බෙන්තොට ගාලු පාරේ අවන්හලට පැමිණ ආහාර පාන ලබා ගෙන ඇති බව සෞඛ්‍ය අංශ හා බෙන්තොට පොලිසිය වෙත ලැබුණු තොරතුරු මත එම අවන්හල ඊයේ සවස සිට වසා දැමීමට කටයුතු කර ඇතැයි බෙන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා බෙන්තොට පොලීසිය සඳහන් කරයි.
එම ආයතනය වසා දමා එහි සේවය කල සේවක පිරිස් ද නිවෙස් තුළ ස්වයං නිරෝධායනය ලක්කර ඇතැයි පැවසේ.
බෙන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිහාල් රණසූරිය මහතා ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් මෙම ආයතනය ඔක්තෝබර් (17 ) තෙක් වසා තැබීමට නියෝග කර තිබේ.
අලුත්ගම තුසිත කුමාරද සිල්වා