වත්මන් රජය යටතේ ජනතාව ජාතික ආරක්ෂාව පිළිබඳ කිසිදු සැකයක් ඇති නොකරගත යුතු බවත් රටේ එල්. ටී.ටී ඊ ත්‍රස්තවාදය තුරන් කර නැවත බෝම්බ පිපිරීම්, ත්‍රස්තවාදී කණ්ඩායම් ,අන්තවාදී ජාතිවාදී කණ්ඩායම් ක්‍රියාත්මක නොවන රටක් නිර්මාණය කර 2015 වර්ෂයේදී යහපාලන ආණ්ඩුවට මේ රට මගින් රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා බාරදුන් බවත් යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක අතර තිබුණ අර්බුදය හේතුවෙන් රටේ ජාතික ආරක්ෂාව දියාරු වූ බවත් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
අද (16) කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය ඇමතිවරයා එසේ ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා,
ජතික ආරක්ෂාව උපරිම මට්ටමින් පවත්වාගෙන යාම රාජ්‍ය නායකයෙකුගේ මෙන්ම රජයේ වගකීමයි. එල්. ටී.ටී ඊ ත්‍රස්තවාදය කාලයේ ඒ ත්රස්ත්රවාදය තුරන් කිරීමේ වගකීම එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ජනතාව භාර දුන්නා. එතුමා ඒ වගකීම නිසිආකාරව ඉටු කරලා කිසිම බෝම්බයක් පිපිරෙන්නේ නැති, කිසිම ත්‍රස්තවාදී කණ්ඩායමක් ක්‍රියාත්මක වෙන්නේ නැති, අන්තවාදී ජතිවාදී කණ්ඩායම් ක්‍රියාත්මක වෙන්නේ නැති රටක් තමයි 2015 දී මෛත්‍රිපාල සිරිසේන මහත්තයට බාර දෙන්නේ.
අපේ ආණ්ඩුව යටතේ ජාතික ආරක්ෂාව තහවුරු වීම පිළිබඳ කිසිදු සැකයක් තියා ගන්න ඕනේ නෑ. අපි ජාතික ආරක්ෂාව තහවුරු කරීම සහ රටේ ග්‍රාමීය ආර්ථිකය ගොඩ නැගීමට කටයුතු කර තිබෙනවා. මේ ආණ්ඩුව වගකීමේන් ඒ පිළිබඳ කටයුතු කරනවා. ජාතික ආරක්ෂාව කිසිම විටක දියාරු වීමට ඉඩ තියන්නේ නෑ. යහපාලන ආණ්ඩුව තුළ ප්‍රධාන පක්ෂ දෙකේ තිබුණ අර්බුදයක් තමයි ජාතික ආරක්ෂාව දියාරු වෙන්න අරමුණ වුණේ. ජාතික ආරක්ෂාව පිළිබඳ අවධානයක් යොමු කරන්න වුණේ නෑ. මොකද එල්.ටී.ටී.ඊ ත්රස්තයන්ට උදව් කරපු අයත්, ජාතිවාදී සහරාන්ට උදව් කරපු අයත් හිටියේ ඒ ආණ්ඩුවේම නිසා. ඒ ආණ්ඩුවේ පසු පෙල මන්ත්‍රිවරුන් විදිහට නොවෙයි ඒ අය හිටියේ. යහපාලන ආණ්ඩුවේ ඉදිරි පෙල තීන්දු තීරණ ගන්න කණ්ඩායම හැටියටයි ඒ අය ක්‍රියාත්මක වුණේ. ජාතික ආරක්ෂාව හිතා මතා පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට සහ ඔවුන්ගේ ආණ්ඩුව පවත්වාගෙන යන්න සම්පූර්ණයෙන්ම මේ යහපාලනය මුලු රටම අනාරක්ෂිත කළා. ඒකේ ප්‍රථිපලයක් තමයි පාස්කු ඉරිදා ප්‍රහාරය.