විශේෂ සේවා කාර්ය බල කාය හා බද්දේගම පොලීසිය එක්ව අද (7) දා සිදුකල මෙහෙයුමකදී බද්දේගම ගනේගම දකුණ ප්රදේශයේදී පුද්ගලයෙකු ආයුධරැසක් සමඟ අත්අඩංගුවටගත් බව බද්දේගම පොලීසිය පවසයි. සැකකරැ සමඟ T 56 වර්ගයෙ ගිනි අවියක් මෙගසින් එකක්,ජීවඋණ්ඩ 6ක්,ජීව අත්බෝම්බයක්,රම් බෝපිහි 5ක්,කඩුවක් හාපිස්තෝල රඳවන 3ක් මෙසේඅත්අඩංගුවට ගෙන ඇත. සැකකරැ එම ප්රදේශයේම පදිංචි බද්දේගම ප්රදේශීය සභාවේ හිටපු මන්ත්රී වරයෙකි.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කොලඹ අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදීමට නියමිතය.
බද්දේගම සරත් ආනන්ද