ආයෝජන ප්‍රවර්ධනය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පත්කර තිබේ.
ජාතික සංවර්ධන වැඩසටහන තුළින් දිළිඳුකම පිටු දකිමින් සියලු පාර්ශ්වවලට ප්රතිලාභ ලැබෙන අපනයන හා ආනයන ආදේශන නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවෙන් දේශීය හා විදේශීය ආයෝජන පුළුල් කිරීම මේ හරහා බලාපොරොත්තු වෙයි.
ජනපතිවරයාට අමතරව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍යවරුන් වන ඩග්ලස් දේවානන්දා, ගාමිණී ලොකුගේ, බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, ජොන්ස්ටන් ප්‍රනාන්දු, විමල් වීරවංශ, මහින්ද අමරවීර, එස්.එම්. චන්ද්‍රසේන, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්රසන්ණ රණතුංග, රෝහිත අබේගුණවර්ධන, අලි සබ්රි යන මහත්වරුවන් හා රාජ්‍ය අමාත්‍යවරුවන් වන දුමින්ද දිසානායක, ජයන්ත සමරවීර, දිලුම් අමුණුගම, ඩී.වී. චානක, නාලක ගොඩහේවා, අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන්ද මෙයට අයත් වෙයි.