සංවිධානාත්මක අපරාධකරුවෙක් වන " ආමි කමල්" නැමැත්තා ඇතුළු පුද්ගලයන් තිදෙනකු හොරයින් මත්කුඩු සහ හමුදා නිල ඇඳුම් සමඟ වැලිපැන්න හේන්පිට ප්‍රදේශයේදී අද (14දා) අලුයම අත්අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය කියයි.
මත්කුඩු ග්‍රෑම් 10කට අධික ප්‍රමාණයක් සහ හමුදා නිල ඇඳුම් කට්ටල් දෙකක් පොලිස් භාරයට ගෙන ඇත. ඊශි කෑෂ් හරහා මත්කුඩු ජාවාරම සිදුකරන ආමි කමල් නැමැත්තා බෝම්බ හා ගිනි අවි ළඟ තබා ගැනීම,කොල්ල කෑම් රැසකට සම්බන්ධ නඩු ගණනාවක් තිබෙන පුද්ගලයෙක් බවත් ඔහු මැර බලය යොදා ගෙන ප්‍රදේශය පුරා මත්කුඩු ජාවාරම සිදුකරන බව පොලීසිය පවසයි.
දකුණු පළාතේ සන්නද්ධ කල්ලි සමඟ සමීප සම්බන්ධතාව පවත්වා තිබෙන මෙම සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර දින හතක කාලයකට රදවා ගැනීමේ නියෝග ලබා ගැන දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බව වැලිපැන්න පොලිසිය කියයි.
අනෙක් සැකකරුවන් දෙදෙනාද මත් කුඩු චෝදනාවට මීට පෙර පොලිස් අත්අඩංගුවට පත් වී මහාධිකරණයේ නඩු විභාග වන පුද්ගලයන් දෙදෙනෙකි.
බිමල් ශ්‍යාමන්/බන්දු තඹවිට